අපි හදමු කේක් ,without cake ingredients.


ඔන්න guys කේක් එකක් හදන විදිය කියන්න යන්නේ හදලා හොදද බලන්න 🤗මේ කේක් එකේ නම තමයි ඔය ගොල්ලෝ කැමති නමක් දාගන්න 😉😝පහල තියෙනවා ඕන ජාති 👇

  • කුරක්කන් පිටි 250g
  • පොල් (කිරි නෙමෙයි ගාගත්තු පොල් )200g
  • සිනි 200g

දැන් තාච්චියක් ලිපේ තියලා සිනි මේස හැදි දෙකක් දාල මදගින්නේ කැරමල් කරගන්න

කැරමල් පාට (දුබුරු )ආවම රස්නේ වතුර ටිකක් එකතු කරගන්න (පිරිසි කෝප්ප බාගයක් විතර )ඊට පස්සේ ඉතුරු සිනි ටික එකතු කරගන්න. 👍🙂

දැන් මේක චුට්ටක් උකු උනාම වැනිලා තියෙනවනම් වැනිලා ටිකකුයි ලුණු තේ හැදි කාලක්‌ විතර එකතු කරගන්න. 🫡

දැන් මේක හොදට කවලම් කරලා පොල් පිරිසි කෝප්පෙන් බාගයක් විතර එකතු කරගන්න (ඔව් ඔව් පැණි පොල් 🤭)තෙත ගතිය ටිකක් තිබ්බට කමක් නැ

දැන් ඉතුරු පොල් ටිකයි කුරක්කන් පිටියි භාජනයකට දාලා හොදට කවලම් කරගන්න මේකටම ලුණු තේ හැදි කාලක්‌ විතර දාගන්න. 👍🙃

දැන් මේක මද රස්නේ වතුරෙන් අනාගන්න (හැලප හදපු අය කෝ 🫣අන්න ඒ පදම තමා එන්න ඕනි )

දැන් ළමයි මේක හදාගන්න භාජනෙ ලෙස්ති කරගන්න ඕනි. මේකට ඔයාලට කේක් ට්‍ර එකක් නැත්නන් පුඩිම් මෝල් එකක් නැත්නම් කරදිසියක් උනත් අවූලක් නැ. 😁

දැන් ඕක වැහෙන්න කෙසෙල් කොළ ඇතුලෙන් දාල එකේ තෙල් ගාගන්න.🤗කෙසෙල් කොළ නැති උන්ත් අවුලක් නෑ නිකම් තෙල් ටිකක් භාජනෙ ගාගන්න.

දැන් මේකට අර හදාගත්ත කුරක්කන් පිටි මිශ්‍රනෙනේ බාගයක් දාගෙන තුනී කරගන්න ඊට පස්සේ පැණි පොල් ටික දාගෙන තුනි කරගන්න දැන් ආයි අර කුරක්කන් මිශ්‍රනෙනේ ඉතුරු ටික දාගෙන තුනී කරගන්න.

අපි මේ කේක් එක හදන්න යන්නේ ස්ටීම් කරලා එහෙම නැත්නම් ඔයාලට මේක ආවන් එකේ සෙල්සිය්ස්‌ අංශක 175හෙ විනාඩි 25ක්‌ තියාගෙන හදාගන්නත් පුළුවන්. හරි ඔය ගොල්ලෝ ස්ටීම් කරලා හදනවනම් රයිස්‌ කුකර් එකේ වතුර නටනකම් තියලා සටීම එකට අපේ මිශ්‍රනෙ හදාගත්ත තැටිය කෙසෙල් කොලේකිම් වහලා විනාඩි 25ක්‌ විතර තියාගන්න.

දැන් ටූත් පික් එකක් වගේ එකක්‌ දාල බලන්න අතුල තම්බිලාද කියලා.

හරි දැන් කෑම ලෑස්තියී…..

Leave a comment

Design a site like this with WordPress.com
Get started