
මෘදු බටර් කේක් එකක් හදමු..💁♀️
අවශ්‍ය දේ:
🧚♀️250g බටර්
🧚♀️250g සීනි(පවුඩර් ලෙස ග්‍රයින්ඩර් කරගන්න)
🧚♀️250g පාන් පිටි (baking powder තේ හැදි එක හමාරක් දමා තුන්වරක් හලා ගන්න)
🧚♀️බිත්තර 4
🧚♀️වැනිලා තේ හැදි 2,
🧚♀️කිරි මේස හැදි 2(උකුවට හදා ගන්න)
🧚♀️ලුණු තේ හැදි කාලක්
🧚♀️දෙහි බිංදු දෙක තුනක්

උයමු මිතුර උයමු…
🎈බටර් ශීතකරනයෙන් එලියට ගෙන පැයක් පමන තබා කුල් එක තියෙද්දීම බීට් කරන්න.
🎈විනාඩි 5 ක් පමන බීට් කරන්න.
🎈කුඩු කරගත් සීනි ටික ටික දමමින් බීට් කරන්න.
🎈ඉන්පසු බිත්තරය බැගින් එක්කරමින් බීට් කරන්න.
🎈එ අතරම වැනිලා සහ කිරි එකතුකර ටිකක් බීට් කරන්න.
🎈මේ සියල්ල බීට් කරන කාලය විනාඩි 20 ක් විය යුතුයි.
🎈ක්‍රීම් ගතියට ආ විට හලාගත් පිටි ටිකටික එකතුකරමින් ලී හැන්දකින් එකම අතකට මිශ්‍ර කරන්න.
🎈තැටියට බටර් ස්වල්පයක් ගා තෙල් කඩදාසියක් දමා මිශ්‍රනය දමා තුනී කරගන්න.
🎈තැටියෙන් 3/4 ක් පිරෙන තෙක් පමනක් දමන්න.
🎈නැතිනම් බේක් වනවිට තැටිය ඉඩ මදි වේ.
සෙන්ටිග්රඩ් 180 ට විනාඩි 5ක් රත්කරගත් අවන් එකක කේක් එක බේක් කරන්න.
🎈ටික වේලාවකින් උෂ්ණත්වය 160-170 පමන අඩු කරගෙන පාලනය කරගන්න.
🎈විනාඩි 35කට පමන පසු අවන් එක ඇර ටූත් පික් එකක් ඇන බලන්න.
🎈එය වියලිව ඇත්නම් හොදින් බේක් වී ඇත
🎈වි.40-50 පමන බේක් කරගන්න.
🎈බේක් වන විට සුවද දැනේ.
🎈එක එක අවන් වල ක්‍රියාකාරිත්වය වෙනස් නිසා අත්දැකීමෙන්ම මෙය හුරැ වේ😊
✍️පහත කරැණු පිළිබදව සැලකිලිමත් වන්න..
⛳️නිතරම අවන් එකේ දොර ඇරීමෙන් කේක් එක මැද බහින්නට බලයි.එම නිසා විනාඩි 30 පහුවනතෙක් ඇරීමෙන් වලකින්න.
⛳️පිටි ප්‍රමානය වැඩි උනොත් කේක් එක හයිය වේ.එම නිසා බිත්තර,පිටි,බටර් සියල්ල 250g ලෙස කිරාගත යුතුය.
⛳️බටර්, සීනි, බිත්තර පිලිවෙලට බීට් කරන්න.
පිටි එකතු කර බීට් කරන්නේ නැත.
පිටි බීට් කලහොත් කේක් එක සොෆ්ට් නොවේ.එම නිසා පිටි,
හැන්දෙන්ම කලවම් කරන්න.
⛳️කේක් එක බේක් උනාට පසුව එලියට ගෙන කූලින් ට්‍රේ එකක දමන්න.
⛳️කේක් ට්‍රේ එකෙම තැබුවොත් රස්නය නිසා තව හයි වෙන්න බලයි.
මේ පිලිවෙලට කළහොත් සොෆ්ට් බටර් කේක් එකක් සාදාගත හැකිය.😊
©By Chameera Pathinayaka
Leave a comment